Sunday, January 2, 2011

                                                             මේ blog එකේ "චිරාන්ගෙන් අහන්න "කියල දැම්මට සමහරු නම කියන්නේ අපට මොනවද එයාගෙන් අහන්න තියෙන්නේ කියල .හරි හරි කමක් නැහැ.අද එන්නකෝ මාත් එක්ක පොඩි ගමනක් යන්න.මුකුත්ම අහන්න ඕනේ නැහැ.ආවහම ඇති.
                                  මාතර ඉඳල නුවරට තමයි යන්නේ.හැබැයි කෝච්චියෙ.දන්න්නවද ලංකාවේ දුම්රිය සේවය ආරම්භ කලේ කවදද කියල?ඒ 1864 දී   කොළඹ ඉඳල අඹේපුස්සට තමයි මුල්ම දුම්රිය ගමන ගියේ.හර්කියුලිස් රොබින්සන් ආණ්ඩුකාරවරයා තමයි පසු කාලීනව දුම්රිය සේවය ගොඩක්ම දියුණු කලේ.1867 දී මහනුවර දක්වාත් ,1974 දී නාවලපිටිය දක්වාත් ,1885 දී නානුඔය දක්වාත් දුම්රිය මාර්ග දීර්ඝ කළා.අද අපි යන මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන ඇරඹුවේ 1895 දී.පසු කාලීනව 1919 කැලණිවැලි මාර්ගයත්,1926 දී පුත්තලම් මාර්ගයත් ආරම්භ කළා.Sir Guilford Lindsey Molesworth කියන ඉංජිනේරුවා තමයි දුම්රිය සේවය ඇරඹීමට මූලික වෙලා පස්සේ එහි මුල්ම අධ්‍යක්ෂ ජෙනරාල් බවට පත් වුනේ.තවත් දෙයක්,ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය ස්ථානය මොකද්ද කියල දන්නවද?ඒ තමයි පට්ටිපොළ .

                             තව පොඩ්ඩෙන් ආපු දේත් අමතක වෙනවා .කෝච්චිය එනකම් අපි කැන්ටිමෙන් තේ එකක් වත් බොමුකෝ.අපි තේ ඒක බොන ගමන මොනවා හරි කතා කරමු.ආ...තේ කිව්වම මතක් වුනේ.ලංකාවේ ප්‍රධානම අපනයන භෝගය වුනු තේ වගාව මුලින්ම ආරම්භ කලේ බ්‍රිතාන්‍ය ජාතික ජේම්ස් ටේලර් (1835-92) විසින් 1852 දි මහනුවර ලූල්කඳුර වතු යායේදී.මිට පෙර ලන්දේසි කාලේදී තමයි කුරුඳු වගාව පටන් ගත්තේ.1779 දී විතර ලන්දේසි ආණ්ඩුකාර Iman Willem Falck .ඒ කොළඹ,මරදාන,කුරුඳුවත්ත කියන ,දැනට කුරුඳු ගහක්වත් නැති ප්‍රදේශවල.බ්‍රිතාන්‍ය ජාතිකයෝ ඇවිල මුලින් පටන් ගත්තේ කෝපි වගාව.George Bird විසින් 1825 දී වගාවක් විදියට මුල්ම කෝපි පැලය රෝපණය කලේ ගම්පොල ,සිංහපිටිය වතු යයේ.ඒ වගේම මුල්ම රබර් පැලය හිටෙව්වේ ගම්පහ හෙනරත්ගොඩ උද්‍යානයේ.


                                  කොහොමහොරි තේ එකත් බිල ඉවර කළා කියමුකෝ.දැන් අපි කෝච්චියට නැගල ගමන පිටත් වෙන්නයි යන්නේ.මෙන්න පොත් වෙළෙන්දෙක් නැගල පොතක් පෙන්නලා අපෙන් අහනවා දන්නවද යුරෝපයේ දිගම ගඟ මොකක්ද කියල.මමත් ටිකක් වෙලා මතක්‌ කරලා බැලුව.රුසියාවත් ගත්තොත් දිගම ගඟ වෙන්නේ වොල්ගා ගංගාව.රුසියාවේ දකුණු පැත්තෙන් කැස්පියන් මුහුදට තමයි ගලන්නේ.යුරෝපියානු සංගමයට අයිති රටවල් විතරක් සැලකුවොත් (රුසියාව එහෙම නැතුව ) ඩෙනියුබ් ගංගාව(Danube) තමා ගන්න වෙන්නේ.මේකේ(Danube) විශේෂත්වය තමා ලෝකේ රටවල් කිහිපයකම අගනුවරවල් හරහා මේ ගඟ ගලනවා.ඔස්ට්‍රියාවේ වියානා(Vienna) ,හංගේරියාවේ බුඩාපෙස්ට්(Budapest),ස්ලෝවේකියාවේ බ්‍රටිශ්ලාවා(Bratislava) ,සර්බියාවේ බෙල්ග්‍රේඩ්(Belgrade) කියන අගනගර හතරම තියෙන්නේ මේ ගඟ අසබඩ.ආ ...තවත් ගඟක් ගැන මතක් වුනා.අගනුවරක් හරහා යන ඒ නගරෙම නම තියන ගඟක්.ඒ තමයි කාබුල් ගංගාව ඇෆ්ගනිස්ථානෙ තියෙන්නේ.සුඩානයේ කාර්ටුම් (Khartoum) නගරය අසලදී නිල් නයිල් ,සුදු නයිල් කියන අතු ගංගා එකතුවෙලා හැදුනු නයිල් ගඟ ලෝකේ දිගම ගඟ උනාට වැඩිම ජල ප්‍රවාහයක් අරන් යන්නේ දකුණු ඇමෙරිකාවේ ඇමේසන් ගඟ(Amazon) බව ගොඩක් අය දන්නවා ඇතිනේ.නයිල් ගඟ ටැන්සානියා,කෙන්යා,උගන්ඩා,ඉතියෝපියා,එරිට්‍රියා ආදී  රටවල් දහයක් හරහා ගිහින් අන්තිමට මධ්‍යධරණී මූදට වැටෙන්නේ ඊජිප්තුවෙන්.ඇමේසන් ගඟ අන්දීස්(Andes) කඳු වැටියෙන් පටන්ගෙන කොලොම්බියා,පේරු,හා බ්‍රසීලය හරහා ගිහින් අත්ලාන්තික් සාගරයට වැටෙන්නේ.


                                මේවා හිත හිත ඉඳල වෙළෙන්ඳා දිහා බැලුවම මිනිහ කියනවා "නාරං පුඩිම "ලු.මම බැලුව යුරෝපයේ දිගම ගඟ ඒක වෙන්නේ කොහොමද කියල.බැලින්නම් මිනිහ මේ කුකරි පොතක් මාකට් කරනවා.

                                         කෝච්චියට නැගපු ළමයි ටිකක් දිගට හරහට වාදේ "World Cup" ඒක ගැන.ඇයි මෙදා ලංකාවෙත් match තියනවනේ.මේක 10 වෙනි World Cup ඒක.මුලින්ම තිබ්බේ එංගලන්තේ 1975 දි.දින්නේ West Indies.එක එක නම් වලින් තමයි එක එක අවුරුද්දේ මේ cup එක හැඳින්නුවේ.Prudential Cup(1975/79),Reliance Cup(1983/87),Benson & Hedges Cup(1992),Wills Cup(1996) {මතක ඇතිනේ ලංකාව දිනපු හැටි  },ICC Cup(2000,2003,2007)මේ විදියට නම් ටික නම් වෙනස් වුනා. කන්ගරුවෝ ඒ කියන්නේ ඔස්ට්‍රේලියාව තමයි සිව් වතාවක් cup එක දිනලා තියෙන්නේ.(87,99,2003,2007).West Indies දෙවතාවක් (75,79) වගේම ඉන්දියාව (83),පකිස්තානය(92),සහ ශ්‍රී ලංකාව (96) එක වතාව බැගින් මෙහි ශූරතාව ලබා තිබෙනවා.මේ පාර මොකද වෙන්නේ කියලත් බලමුකෝ....ආ ...ලබන සැරේ ඒ කියන්නේ 2015 තියෙන්නේ ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය කලාපයේ.ඒ විතරක් නෙවේ 2019 තියන තැනත් තීරණය කරලා ඉවරයි.ඒ තමයි එංගලන්තය ඇතුලත් කලාපය.(England,Scotland,Ireland & Netherlands  මීට අමතරව world cup එකක පන්දු යවපු පළමු වැනි ක්‍රීඩකයා ඉන්දියාවේ Madan Lal.මුල්ම wordcup 100 වාර්තා කලේ එංගලන්තේ Dennis Amiss.මුල්ම cup එක උස්සන්න වාසනාව ලැබුනේ West Indies වල Clive Lloyd .




                                     දන්නෙම නැතුව අපි ගාල්ලටත් ආව.එහෙදි කෝච්චිය නවත්තල reverse එකටනේ යන්නේ.පොඩ්ඩක් බිමට එහෙම බැහැල station එකේ ඇවිදලා බැලුව.එතකොට තමයි මතක්‌ වුනේ ගාල්ල කියන්නේ ඓතිහාසික වටිනාකමින් යුතු නගරයක්නේ.අනික මේක ලංකාවේ පිහිටවපු මුල්ම මහා නගර සභා 3 න් එකක්.(අනිත් දෙක තමයි මහනුවර සහ කොළඹ).ලන්දේසින් මුලින්ම ගොඩ බැස්සේ මඩකලපුවට වුනාට සුවිසල් බලකොටුව හැදුවේ ගාල්ලෙ.තවත් දෙයක්...මුල්ම ලන්දේසි පාලකයා වුනේ Wilhelm Jacobz Coster.(1640).අන්තිමයා Van Angelbeek(1794-1796).ඉංග්‍රීසින්ගෙන් මුල්ම ආණ්ඩුකාරය වුනේ Sir Fredrick North අතර අන්තිමයා (නිදහසට පෙර )Sir Henry Monck-Mason Moore.පෘතුගීසින්ගෙන් ගත්තොත් Lorenso de Almeda ගෙන පටන්ගෙන අවසන් වුනේ António do Amaral de Meneses  ගෙන්
 

                                   කෝච්චිය පිටත් වෙන විසිල් එකත ගැහුවා.මම දුවල ගිහින් කෝච්චියේ එල්ලුන.ටිකක් දුර foot board එකේ යන්න හිතුව සෙනඟත් අඩු නිසා.මෙහෙම යනකොට දැක්ක ෆිල්ම් හෝල් එකක්.පෙන්නනේ  "විදූ".(Independence Day එහෙම නෙවෙයි...:P).දන්නවද ලංකාවේ තිරගත වුනු මුල්ම චිත්‍රපටය 1947 දී පෙන්නපු  "කඩවුණු පොරොන්දුව "(Jyotish Sinha තමයි direct කලේ  )වුනාට ප්‍රථම වර්ණ චිත්‍රපටය "රන්මුතුදූව"(1962).direct  කලේ Mike Wilson.මේ ලඟදි අභාවයට පත් ශේෂා පලිහක්කාර මහතා තමයි produce කලේ.
                             ගොඩක් දෙනෙක් නොදන්නා කතාව තමයි 1925 දී ලංකාවේ මුල්ම film එක හැදුවත් ඒක පෙන්නන බැරි වුනා."රාජකීය වික්‍රමය "නම් වූ මේ film එකේ තමි ලංකාවේ මුල්ම චිත්‍රපට නළුවා අපට හමු වෙන්නේ.ඔහු වෙන කවුරුත් නෙවේ ලංකා සමසමාජ පක්ෂයේ නිර්මාතෘ වගේම ලංකාවේ මුල්ම විපක්ෂ නායක N.M.පෙරේරා මහතා වීම විශේෂයක්.

                                      footboard  එකේ ඉඳන්ම අපි  බෙන්තර ගඟත් පහු කළා.නවීන ඉංජිනේරු තාක්‍ෂණය අනුව හදපු එකේ පාලම දැක්කම මට මතක් වුනේ "The Bridge on the river Kwai" කියන film එක.1958 දී Oscar සම්මාන 7 ක් දිනපු ,David Lean අධ්‍යක්ෂණය කරපු මේ film එක ලංකාවේ තමයි රූපගත කලේ.ඔය පාලමක් හදල පිපිරෙව්වේ එහෙම කැළණි ගඟ ආශිත කිතුල්ගල ප්‍රදේශයේ.
                                      මම නැවතත් කෝච්චියේ seat එකට ගිහින් ඉඳගත්තා.ඒක ඩබල් seat එකක් නිසා ඉස්සරහ ඉන්න අය හොඳට පේනව.දෙන්නෙක් ඉඳගෙන බර කතාවක් ජෝතිෂ්‍ය ගැන.එක්කෙනෙක් රාහු,කේතු ,රවී,සඳ,කුජ, ඔය ඔක්කොම කරකවල අනිකට මොනවදෝ පහදනවා.ඇත්තටම ඔය ග්‍රහයන්ට අපිව කරකවන්න පුලුවන්න්ද?ඒකෙන් අපිට වැඩක් නෑ.අපි ටිකක් හරි දන්නේ Astronomy මිසක් Astrology නෙවෙයිනේ.සුර්යයා හැරුනම පෘතුවියට ලඟින්ම තියන තාරකාව තමයි "ප්‍රොක්සිමා සෙන්චුරි".ඒත් මේක පියවි ඇසට පෙන්නේ නැහැ.පියවි ඇසට පේන ආසන්නම තරුව තමයි "ඇල්ෆා සෙන්චුරි ".සීරියස් කියන්නේ රාතී‍්‍ර අහසේ දීප්තිමත්ම තාරකාව.තවත් දෙයක් පෘතුවි අක්ෂය යොමු වෙලා තියෙන්නේ නම් "ධ්‍රැව තාරකාව "දෙසටලු.

                                    මට තවත් දෙයක් මතක් වුනා.ඔය සෞරග්‍රහ මණ්ඩලයේ තියන ග්‍රහයන් අතරින් චන්ද්‍රයන් නැත්තේ බුධ සහ සිකුරු ට විතරයි.සුර්යයට කිට්ටුම බුධ වුනාට උෂ්ණත්වය වැඩිම ග්‍රහය වෙන්නේ සිකුරු.(වැඩියෙන් Hot වගේ පෙන්නේ සිකුරා ලබපු අය වෙන්නැතිනේ....:P)දුරදක්නයක් ආධාරයෙන් දැක හඳුනාගත් මුල්ම ග්‍රහය වන්නේ යුරේනස්.ඒ විලියම් හර්ෂල් විසින්.නෙප්චුන් හොයා ගත්තේ ගණිත ක්‍රම ආධාරයෙන්.ප්‍රංශ ජාතික Urbine Le Verrier විසින්.සෙනසුරු වටා තියන වළලු ලොවට හෙළිකිරීමේ ගෞරවය හිමි වෙන්නේ ඕලන්ද ජාතික ක්‍රිස්ටියන් හියුජන්ස් කියන විද්‍යාඥයාට.විශ්වය ගැන නම් තොරතුරු ලෝකයයි නේ.

                                   තරු ග්‍රහලෝක මැද කොහොමහරි දුම්රිය කොටුව  දුම්රියපලටත් ලඟා වුනා.ගමනේ ඉතුරු විස්තරේ පස්සේ වෙලාවක කියන්නම්කෝ...

13 comments:

  1. සිරා මචං...Keep up the good work..!!!

    ReplyDelete
  2. නියමයි...

    ඇත්තටම ලෝකෙ දිගම ගඟ නයිල් ද?
    http://news.bbc.co.uk/2/hi/6759291.stm

    ReplyDelete
  3. nice siya patiyooo..:P
    peththa..:P

    ReplyDelete
  4. Patta mchn....
    Keep up the good work :D

    ReplyDelete
  5. Great work Lanu Mama!
    Keep it going!

    ReplyDelete
  6. එලම කිරි මචන් , Mind star එකට ගිරවා දාපුවා ඔක්කොම වමාරනවා වගේ. මොනවා උනත් වැඩේ ෆට්ට. දැනුම සාගරයක් :)

    ReplyDelete
  7. thanx everybody!! 4 ur nice comments....

    @Mr.Anonymous

    happy abt ur curiosity.I found that your doubt is nt yet confirmed.So let's give first place to Nile...:)

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. nice work ayya. But isn't it the Kandy Municipal Council which was established in 1866; among the first municipal councils of sri lanka with Galle and Colombo?

    ReplyDelete
  10. yeah...u r quite right.It should b Colombo,Galle n Kandy.(Printing mistake due 2 my hometown:as Im from Matara...:P:P)
    thankx Imesh!!!

    ReplyDelete