Monday, April 4, 2011

                                   කාලෙකට පස්සේ ඇවිත් මුලින්ම කාටත් "ලොකු එක "දෙන්නයි අද කල්පනාව.ඒ කියන්නේ ඉතිං ආයෙ ලෝකෙටම ලොකු එක තමයි....එහෙම කිව්වට සමහර විටදී පොඩි පොඩි දේවලුත් නැතුවම  නෙවෙයි. :P  ලොකුද පොඩිද බලන්න නම් ඉතින් මේක කියවන්නම වෙනවා.

                                               ලෝකෙ ලොකුම රට තමයි රුසියාව.දෙවෙනි තැන කැනඩාවට .ඒ වුනාට දේශසීමා අනුව ගත්තම දිගම දේශසීමාව තියෙන්නේ චීනෙට .රුසියාවට එතනදී දෙක.ලංකාව දූපතක් නිසා දිගු වෙරළ තිරයක් තියන බව කවුරුත් දන්නවනේ.ඒත් දිගුම වෙරලක් හිමි රට දූපතක් නම් නෙවෙයි.මුල් තැන කැනඩාවට.ඊළඟට ඉන්දුනීසියාව හා රුසියාව තමා පිලිවෙලින් ඉන්නේ.ඔබ අහල තියනවද "Landlocked Countries" කියන ඒවා ගැන?ඒ කියන්නේ ගොඩබිමින් පමණක් වටවූ රටවල්.හැබැයි අභ්‍යන්තර මුහුදු වලට මායිම් වෙන්නත් පුළුවන්.(මධ්‍යධරණි මුහුද ,කළු මුහුද ,බෝල්ටික් මුහුද වගේ ).ලෝකෙ තියන මේවගේ රටවල් හතලිස් ගාණක්(47,මේ එකක් වත් උතුරු ඇමෙරිකා හා ඕස්ට්‍රේලියා මහද්වීප වලට අයත් නොවීම විශේෂයක්. ) අතුරින් "ලොකුම එක " තමයි Kazakhstanමධ්‍යම ආසියාව හා බටහිර යුරෝපය ආශිත රටක් මේක.(චීනය,රුසියාව, Kyrgyzstan, Uzbekistan, Turkmenistan යන රටවල් සහ කැස්පියන් මුහුදට මායිම වෙලා තියෙන්නේ )Astana තමයි අගනුවර .මේ වර්ගයේ පොඩිම රට වෙන්නේ වතිකානුව.ඉතාලියේ රෝම නුවර ඇතුලේ තියන මේ රාජ්‍යය 1921 දී පිහිටෙව්වේ ලැටරන් ගිවිසුම (Lateran Treaty)මගින්.ඒ ඉතාලි අගමැති බෙනිටෝ මුසෝලිනී හා Holy See(දේවස්ථානය ) වෙනුවෙන් Pietrio Gasparri කියන  කාදිනල් තුමන් අතර. රටක් ඇතුලේ තියන තවත් රටක් ගැන තවත් විශේෂ අවස්ථාවක් තියනවා.ඒ රට තමයි ලෙසෝතෝ.(Lesotho).සම්පුර්ණයෙන්ම දකුණු අප්‍රිකාව ඇතුලෙ පිහිටලා තියෙන 1966 වෙනකන් බ්‍රිතාන්‍ය කිරීටය යටතේ තිබු රාජ්‍යයක් .අගනුවර Maseru .පහුගිය කලේ    ජැක්සන් ඇන්තනි මහත්තය කරපු "සලං හන්තේ " රුපවාහිනී වැඩසටහන බලපු අයට නම් මේ රට ගැන මතක වෙනවා ඇති.ඒක මුළුමනින්ම කලේ ලේසේතෝ රට ගැනම තමයි.




                         ආ.... තව පොඩ්ඩෙන් සලං හන්තේ පහු කරගෙන "ගඟ දිගෙ"ත්  යනව,අපේ කතාව .දැන් අපි බලමු වැඩියෙන්ම අසල්වැසියන් ඉන්නේ කාටද කියල.එකේදී චීනයට  හා රුසියාවට අසල්වැසි රටවල් 14 බැගින් තියනවා.බ්‍රසීලය අසල්වාසින් 10 ක් ඇතුව තුන් වෙනි තැන ඉන්නවා.රටක ඊළඟ වැදගත් දේ තමයි ඒ රටේ ජනගහණය.විශාලතම ජනගහනය ඉන්නේ චිනේ බව කවුරුත් දන්නවනේ(ලෝකෙන් 19%විතර ).දෙවැනි හා තුන් වෙනි තැන ඉන්දියාව සහ USA ට හිමි වෙනවා.නමුත් ජනගහනයවැඩිම අගනුවර බීජිං නම් නෙවෙයි.ටෝකියෝ එහි මුල් තැන  ගනිද්දී රුසියාවේ මොස්කව්"ඊට දෙවැනි වෙනවා.දකුණු කොරියාවේ සෝල් ඊළඟට.ජන ගනත්වය සැලකුවොත් වැඩිම රාජ්‍යය වෙන්නේ Macau.ඊට පස්සේ monaco සහ සිංගප්පූරුව. ජන ගනත්වය වැඩිම අගනුවර බංගලාදේශයේ ඩකා. පිලිපීනයේ මැනිලා සහ ඊජිප්තුවෙ කයිරෝ ඊළඟට.එක්කෙනෙකුට වැඩිම ඉඩක් තියන රට ...ඒ කියන්නේ අඩුම ජන ගණත්වයක් තියන රට මොන්ගෝලියාව.දෙවනියට අප්‍රිකානු රටක් වන නැමීබියාව හා තෙවනුව ඔස්ට්‍රේලියාව
රටවල් ගැන කතා කරද්දී ඒවයේ නිල නාමයන්Official Name) විශේෂයි.දිගුම නම තියෙන්නේ ලිබියාවට .ඉංග්‍රීසි අකුරු 59 ක් මේ නමට තියනවා.(al-Jamahiriyah al-'Arabiyah al-Lïbïyah ash-Sha'biyah al-Ishtirãkiyah).මේ දවස්වල ලිබියාව කියන්නේ ලෝකෙ ප්‍රධාන මාතෘකාවක් නෙ.ලොව බලවත් රටවල් ,මුවම්මර් ගඩාෆි ගෙ පාලනයට එරෙහි බව කියමින් ලිබියාවේ ඛණිජතෙල් හා ස්වභාවික සම්පත් කොල්ලයක , නිරත වෙලා ඉන්න බව කවුරුවත් දන්නවා නෙ.ලිබියානු ධජයෙත් විශේෂත්වයක් තියනවා.එකේ තියෙන්නේ කොළ පැහැය විතරමයි.දිගුම නිල නාමයන් අතුරින් 4 වෙනියා අපේ ලංකාව.(Srï Lankã Prajãtãntrika Samãjavãdï Janarajaya).අකුරු 41 ක්.දෙක හා තුන පිලිවෙලින් ඇල්ජීරියාව(51) හා බ්‍රිතාන්‍ය(45 )



                            ජාත්‍යන්තර භාෂාව විදියට ඉංග්‍රීසි සැලකුවට ,ලෝකෙ වැඩියෙන්ම කතා කරන භාෂාව වෙන්නේ චීනයේ මැන්ඩරින්.දෙවනියට හින්දුස්ථානි ද තෙවනුව ස්පාඤ්ඤ(Spanish) ද තමයි භාවිත වෙන්නේ.ඉංග්‍රීසි ඊළඟට.වැඩියෙන්ම Spanish කතා කරන අය ඉන්නේ Spain වල නම් නෙවෙයි,මෙක්සිකෝවේ.පෘතුගීසි කතා කරන අය වැඩිපුරම ඉන්නෙත් පෘතුගාලෙ නෙවෙයි,බ්‍රසිලේ වීමත් විශේෂයි.අරාබි වැඩියෙන්ම කතා කරන්නේ ඊජිප්තු ජනතාව.ලතින් කියන්නේ ඉතාලියේ රාජ්‍ය භාෂාව බවත් දැනගෙන සිටීම වැදගත්.දිවෙහි (Diwehi ) මාලදිවයිනෙත්, Magyar හංගේරියාවේ ත් ප්‍රධාන භාෂාවන් ලෙස භාවිත වෙනවා. (ඔබ මුද්දර එකතුකරනවා නම් Magyar Posta කියල ගහපු හන්ගේරියන් මුද්දර එහෙමත් දැකලත් ඇති...)
බෞද්ධයන් වඩාත් ඉන්න රට චීනය.ඊළඟට ජපානය හා තායිලන්තය(සියම් රට කියල  ඉස්සර කිව්වේ.)පාකිස්තානේ තමයි වැඩිපුරම මුස්ලිම්වරු ඉන්නේ.හින්දු භක්තිකයන් බහුල ඉන්දියාවේ.ඊළඟට නේපාලේ.කිතුණුවෝ බහුල ඇමෙරිකා එක්සත් ජනපදයේ .දෙවනුව බ්‍රසීලයේ.යුදෙව්වෝ(Jewish) වැඩියෙන් ඉන්නෙත් අමෙරිකාවේම තමයි.



                        ආගමික ශාස්තෘවරුන් ගැන කතා කරන විට බුදු දහම ,කිතු දහම ,හින්දු හා ඉස්ලාම් දහම ගැන කවුරුත් දන්නවනේ.යුදෙව් දහමේ නිර්මාතෘවරයා ලෙස ගැනෙන්නේ Abraham.ඔවුන්ගේ ධර්ම ග්‍රන්ථය "Talmud".ෂික් (sikhism) දහම ලොවට කියා දුන්නේ "Guru Nanak Dev"විසින්.LaoTzu විසින් තාඕ දහම (Taoism)හඳුන්වා දුන්නා.නමුත් shintoism සඳහා නිශ්චිත ශාස්තෘවරයෙක් නැහැ.තවද මහාවීර තුමා  ,ජෛන නායකයා ලෙසත් බෝධිධර්ම භික්ෂුව, Zen දහමේ නිර්මාතෘ වරයා ලෙසත් සැලකෙනවා.
දැන් අපි ක්‍රීඩා ගැනත් ටිකක් බලමු.
                                          මේ දවස් වල ක්‍රිකට් ගැන නම් කතා නොකරම බැහැ.world cup උණුසුම තාමත් තියනවනේ.ක්‍රිකට් ක්‍රීඩාවේ පියා ලෙස සැලකෙන්නේ බ්‍රිතාන්‍ය ජාතික W.G.Grace(William Gilbert),1880 ඉඳල එංගලන්ත කණ්ඩායමට ක්‍රීඩා කරපු මොහු අසාමාන්‍ය ලෙස දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වගේම වෙනත් ක්‍රීඩා සඳහාත් හපනෙක්ලු.ඒ වගේම වෘත්තියෙන් වෛද්‍යවරයෙක්.
මුල්ම ODI(One Day International) තරඟය පැවැත්වුනේ 1971   දී ඔස්ට්‍රේලියාව හා එංගලන්තය අතර.ශ්‍රී ලංකාව මුල්ම ODI එක ගැහුවේ 1975 දී West_Indies වල‍ට එරෙහිව.ලංකාව වෙනුවෙන් මුල්ම ODI ශතකය වාර්තා කලේ රෝයි ඩයස් විසින්.සිදත් වෙත්තමුණි තමයි මුල්ම අර්ධ ශතකය ලැබුවේ.ක්‍රිකට් සඳහා අලුතින්ම එකතු වුනු රට තමයි ඇෆ්ගනිස්ථානය.ඔවුන් මුලින්ම ක්‍රීඩා කලේ 2009 දි.ODI තරඟ ආරම්භ කිරීමේ ගෞරවය හිමි වෙන්නේ ඕස්ට්‍රේලියානු ධනවතකු වන Kerry Packer ට.ඔහු 1970 දී World Series Cricket (WSC) තරඟාවලි ඇති කළා.කණ්ඩායම් සඳහා වර්ණවත් නිල ඇඳුම්((වර්ණ ඇඳුම් සහිතව මුල්ම තරඟය පැවැත්වුනේ 1979 දී ඔස්ට්‍රේලියාව හා කොදෙව් දූපත් අතරයි) ,දිවා රාත්‍රී තරඟ,සුදු පැහැ පන්දුව ,රුපවාහිනී තරඟ විකාශ,බහුවිද කැමරා කෝණ හා මයික්‍රොෆෝන් මගින් පිටියේ විවිද අවස්ථා ලබා ගැනීම ආදී නව අංග රාශියක් ක්‍රීඩාවට හඳුන්වාදුන්නේ ඔහු විසින්.කෙටියෙන්ම කිව්වොත් අද පවතින ජනප්‍රිය ක්‍රිකට් තියෙන්නේ ඔහු නිසයි.2005 දී ඔහු මිය ගියේ ඔස්ට්‍රලියාවේ එවකට ධනවත්ම පුද්ගලයාද වෙමින්.




                                     ODI ක්‍රිකට් වාර්තා පොත බලන විට   ශ්‍රීලංකාව සුවිශේෂයි.කණ්ඩායමක් ලද වැඩිම ලකුණු සංඛ්‍යාව වන 443 ක් නෙදර්ලන්තයට එරෙහිව ලබා ගැනීමත් (2006 දී  Amstelveen හිදී ),ප්‍රතිවාදී කණ්ඩායම අඩුම ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමත්(2004 හරාරේහිදී ලකුණු 35 කට සිම්බාබ්වේ පිල දවා ගැනීම ) ඒ අතර ප්‍රධානයි.ODI  හොඳම පන්දු යැවීම විදියට වාර්තා වෙනේ චමින්ද වාස් ලකුණු 19 ට කඩුලු 8 ක් බිඳ හෙලීමයි.(2001 දී එත් සිම්බාබ්වේ ට එරෙහිවමයි.) එක් තරඟයකදී කණ්ඩායම් දෙකම ලද  වැඩිම ලකුණු ප්‍රමාණය(එකතුව) වෙන්නේ 872 ක්.(2006 Johennasburg හිදී ඔස්ට්‍රේලියාව 434 ක් හා දකුණු අප්‍රිකාව ඊට එරෙහිව 438 ක් ලබා විස්මිත ජයක් ලබපු හැටි මතකයිනේ ).
                ලංකා ටෙස්ට් ඉතිහාසය ගත්තොත් මුලින්ම ටෙස්ට් තරඟය ක්‍රීඩා කලේ එංගලන්තයට එරෙහිව 1982(බන්දුල වර්ණපුර ගේ නායකත්වයෙන් ) දී.නමුත් මුල්ම ටෙස්ට් ජයක් ලබන්නේ 1985 දී ඉන්දියාවට එරෙහිව(මේ පාර පැරදුනාට..:P).එවකට නායකයා දුලිප් මෙන්ඩිස්.ලංකාව වෙනුවෙන් මුල්ම ටෙස්ට් ශතකය වාර්තා කලේ සිදත් වෙත්තමුණි .අර්ධ ශතකය අර්ජුන රණතුංග විසින්.මුල්ම ටෙස්ට් කඩුල්ල ලබා ගත්තේ අසන්ත ද මැල්  විසින්.බ්‍රෙන්ඩන් කුරුප්පු තමයි මුල්ම ද්විත්ව ශතකය ට හිමිකම් කියන්නේ.දැනට ලංකාව වෙනුවෙන් වැඩිම ශතක ලබා තියෙන්නේ මහේල ජයවර්ධන.(25).අර්ධ ශතක නම් අර්ජුන රණතුංග.(38),ටෙස්ට් තරඟයක වැඩිම ලකුණු වාර්තා කලෙත් අපේ සිංහ පිලම තමයි.ඒ ඉන්දියාවට එරෙහි 1997 දී 952/6 වාර්තා කරමින්.
             T-20 ගැන කතා කලොත් මුල්ම තරඟය ඔස්ට්‍රේලියාව හා කොදෙව්වන් අතර 2005 දී පැවැත්වුනේ.ලංකාව මුල්ම T20 එක ගැහුවේ එංගලන්ත පිලට  එරෙහිව.මේ තරඟ වලත් වැඩිම ලකුණු ලබා තියෙන්නේ අපේ ලංකාවම තමයි.ඒ 2007 දී කෙන්යාවට එරෙහි 260/6 වාර්තා කරමින්.ක්‍රීඩකයකු ලද වැඩිම ලකුණු ප්‍රමාණය 158 ලබා ගත්තේ නවසීලන්තයේ Brendon McCullum  විසින්.






                                    මෙහෙමම ටෙනිස් ගැනත් පොඩ්ඩක්  කියල අදට වැඩේ නවත්තමු.අහල තියනවනේ Grand Slam ගැන.ලෝකේ ප්‍රධානතම ටෙනිස් තරඟාවලි හතරක් තමයි Grand Slam ලෙස පොදුවේ හැඳින්වෙන්නේ.Australian Open,  French OpenUS Open සහ Wimbledon කියන තරඟාවලි තමයි ඒ.මෙයින් .Australian Open හා US Open යන තරඟ පැවැත්වෙන්නේ  hard courts වල .(Acrylic සහ Synthetic කියල  hard court වර්ග 2 ක්.මේවා සාමාන්‍යයෙන් වඩා වේගවත් තරඟ පථයන් ලෙස හැඳින්වෙන්නේ.)French Open තියන්නේ Clay Court වල.(මැටි මිශ්‍ර මේ ක්‍රීඩා පථයන් වේගවත් බව අඩු වුනත් පන්දුවේ bounce එක වැඩියි.  )Wimbledon පැවැත්වෙන්නේ වේගවත්ම පථයන් වන Grass Courts වල.Grand Slam කියල හරියටම කියන්නේ මේ ප්‍රධාන තරඟ 4 වුනත් සාමාන්‍ය භාවිතයේදී මේ එක් තරඟාවලියක් සඳහා වුනත් නම භාවිතා වෙනවා.මේවයේ ආරම්භය සිදු වෙන්නේ Wimbledon(1877),US Open (1881), French Open (1891), සහ Australian Open (1905) වශයෙන්.වසරේ මුලින්ම Australian Open (ජනවාරි ),ඊළඟට French Open(මැයි-ජුනි ),පසුව Wimbledon(ජුනි -ජූලි) හා අවසාන වශයෙන් US Open(අගෝස්තු -සැප්තැම්බර්) විදියටයි තරඟ පිළිවෙල තියෙන්නේ.ඔලිම්පික් රන් පදක්කම සමග එකම අවුරුද්දේ මේ හතරම ජය ගන්නා පුද්ගලයා හඳුන්වන්නේ Golden Slam කියල.මේ විශිෂ්ඨ දක්ෂතාව මේ දක්වා පෙන්වල තියෙන්නේ එක්කෙනයි .විශේෂත්වය නම් ඒ කාන්තාවක් වීමයි. ජර්මන් ජාතික  Steffi Graf 1988 දී මේ දස්කම කලේ. තම දිවිය තුල මේ පහම ජය ගන්නවට කියන්නේ Career Golden Slam කියල. Andre Agassi(US), හා  Rafael Nadal perera(පෙරේරා වුනාට ලංකාවේ නම් නෙවෙයි.ස්පාඤ්ඤ ජාතිකයෙක්)මේ දස්කම දක්වද්දී  Roger Federer මේ හතර විතරක් දිනලා තියනවා.ස්වීඩන් ජාතික Björn Rune Borg විසින්  Wimbledon   ශුරතාවය පිට පිට පස් වතාවක් ජය ගැනීමත් විශේෂයි.(76,77,78,79,80 ).


                       දැන් නම් අදට ඇති වගේ නේ...නැවතත් අපි  ඉක්මනින් හමුවෙමු.